FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තය පරදා කොදෙව්වෝ ලකුණූ 91 ක ජයක් වාර්තා කරයි

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින තරගාවලියේ පුහුණූ තරග යටතේ ඊයේ (28) පැවති තරගයකින් නවසීලන්ත කණ්ඩායම පරදවා ලකුණූ 91 ක ජයග්‍රහණයක් වාර්තා කිරිමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනු නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 02 කදී සියළු දෙනා දැවි ලකුණූ 421 ක් රැස් කළේය.

මෙහෙදි කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෂායි හොප් අගනා ලකුණු 101 ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 47 යි පන්දු 02 කදී සියළු දෙනා දැවි රැස් කර ගැනිමට හැකි වුයේ ලකුණූ 330 ක් පමණි.

නවසීලන්තය වෙනුවෙන් ටොම් බන්ඩෙල් ලකුණූ 106 ක් රැස් කළේය.

ලකුණූ පුවරුව