FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශය පරදවා ඉන්දීයාව ලකුණූ 95 ක ජයක් වාර්තා කරයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින තරගාවලියේ පුහුණූ තරග යටතේ ඊයේ (28) පැවති තරගයකින් බංග්ලාදේශ කණ්ඩායම පරදවා ඉන්දීය කණ්ඩායම ලකුණූ 95 ක ජයග්‍රහණයක් වාර්තා කිරිමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවි ලකුණු 359 ක් රැස් කළේය.

මෙහෙදි ලෝකෙෂ් රාහුල් සහ මහේන්ද්‍ර සිං දෝණි ඉන්දීයාව වෙනුවෙන් ශතක රැස් කළහ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 03 කදී සියළු දෙනා දැවි ලකුණූ 264 ක් පමණි.

මෙහිදි ඉන්දීයාව වෙනුවෙන් කුල්දීප් යාදව් හා යුවෙන්ද්‍ර චාහල් කඩුලු 03 බැගින් බිඳ හෙළුහ.

ලකුණු පුවරුව