FAST NEWS

24×7 Around the Globe

Game of Thrones ට ලක්ෂ ගණනකින් පෙත්සමක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ අවසන් කතාංගය වන එහි 08 වැනි අදියර ප්‍රතිනිර්මාණය කරන ලෙස ඉල්ලා ලක්ෂ හතරකට අධික සංඛ්‍යාවක් පෙත්සමකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව කතා මාලාව පිළිබඳ අසතුටින් පසුවන රසිකයින් හාර ලක්ෂයකට අධික පිරිසක් මේ වනවිට පෙත්සමට අත්සන් තබා ඇති අතර අත්සන් ලක්ෂ 05 ටත් ඉක්මනින් ළඟා වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට අත්සන් තැබීමට හේතු ලෙසින් බොහෝ දෙනෙකු දක්වා තිබුණේ කතාව ඉක්මනින් ඇදගෙන යාම, කතාවේ සන්ධිස්ථාන නිසියාකාරව සකස් කර නොතිබීම වැනි පොදු කරුණුය.

ඒ වගේම බොහෝ දෙනෙකු මෙම කතාංගය වසර 08ක සිටි කාලයක නැරැඹීමත් මෙයට හේතු වී තිබේ.