FAST NEWS

24×7 Around the Globe

අයිශ්චර්යා සිය දියණිය සමග ‘කාන්ස්’ බලන්න යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 72 වැනි වරට ප්‍රංශයේ පැවැත්වෙන ‘කාන්ස්’ සිනමා උළෙලට සහභාගි වීම සඳහා සුරූපී බොලිවුඩ් සිනමා නිළි අයිශ්වර්යා රායි බච්චන් හා ඇයගේ දියණිය අරාධ්‍යා බච්චන් දෙදෙනා සහභාගි වී ඇත.
‘කාන්ස්’ සිනමා උළෙලට ජනප්‍රිය හා සුපිරි හොලිවුඩ් හා බොලිවුඩ් නළුනිළියන් රැසක් සහභාගි වෙන අතර මෙය ලෝකයෙම අවධානය යොමුවන්නකි.
පසුගිය වසරේදීද අයිශ්වර්යා සිය දියණිය සමගින් මෙම සිනමා උළෙලට සහභාගි වූ අතර, එය කාගෙත් අවධානය යොමු වූයේ මෙම සිනමා උළෙලට සහභාගි වු හොඳම අම්මා හා දියණිය ලෙසය.
කාන්ස් සිනමා උළෙලට බොලිවුඩයේ සිටින සෝනම්, කංගනා, ප්‍රියංකා ඇතුළු කීපදෙනෙක්ම සහභාගි විය‍.