FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථාන 19 පහළ කණ්ඩායම දිවයිනට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දිවයින පුරා පැවැති අස්ථාවරභාවය හේතුවෙන් කල් දමා තිබූ පාකිස්තාන අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 26දා සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
එම තරගාවලියට සහභාගි වීම සඳහා පාකිස්තානු යොවුන් කණ්ඩායම අද (23) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව එම ආයතනය පවසයි.
ඒ අනුව එක්දින තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග ක්‍රමවත් ආරක්‍ෂක වැඩපිළිවෙළක්ද සහිතව හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මැයි 26දාත්, දෙවැනි හා තෙවැනි තරග පිළිවෙළින් මැයි 28 හා 31දාත්, සිවුවැනි හා පස්වැනි තරග ජුනි 02 වැනිදා හා 05 වැනිදා පැවැත්වීමට නියමිතය.