FAST NEWS

24×7 Around the Globe

‘සීරෝ’ අසාර්ථක වූ ශාරුක් මීළගට කරන්න යන දේ

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොලිවුඩයේ සුපිරි තරුව වන ෂාරුක් ඛාන්ගේ ‘සිරෝ’ චිත්‍රපටය අසාර්ථක වීමෙන් පසුව මේ වනවිට තාවකාලිව රංගනයෙන් ඈත්ව සිටින අතර ඔහුගේ මිළඟ චිත්‍රපටය ගැන මේ වනවිට ඉඟි පළවෙයි.
දැනට ලැබෙන වාර්තාවලට අනුව ෂාරුක් ඛාන්ට අමිතාබ් බච්චන් රඟපෑ ‘සාත් පේ සාත්’ චිත්‍රපටයේ අනු නිර්මාණය සඳහා සම්බන්ධ වීමට ආරාධනා ලැබි ඇත.
ෂාරුක් මෙහි කත්‍රිනා කයිෆ් සමග රංගනයෙන් එක්වෙන බවට ආරංචි මාර්ග සඳහන් කර සිටින අතර, ෆර්හාන් අක්තාර් විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ‘ඩොන්’ තුන්වැනි චිත්‍රපටයද ෂාරුක් පෙනී සිටින බවට තොරතුරු ලැබේ.
‘මේන් හූනා’ දෙවැන්න, ‘ඉන්ස්පැක්ටර් ගුලාබ්’, වික්‍රම වෙදා’ දමිල චිත්‍රපටයේ හින්දි නිර්මාණය, ‘හේ රාම්’ දෙවැන්න, සංජය ලීලා බන්සාලිගේ ‘ඉන්සල්ලා’ චිත්‍රපට සඳහා ෂාරුක් ඉදිරියේදී එක්වෙන බවට ද බොලිවුඩයෙන් තොරතුරු වාර්තා වෙයි.