FAST NEWS

24×7 Around the Globe

පෙරහුරු පුහුණූව ගැන මෙල් ගෙන් ප්‍රකාශයක්..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – 2019 ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තයට ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම හොඳ කායික සහ මානසිකත්වයකින් ඉකුත් දින අටක කාලයක් පුරා පුහුණුවීම් කරමින් සන්නද්ධ වී සිටින බව කණ්ඩායම් කළමනාකරු සහ ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා මාධ්‍යට සඳහන් කර තිබේ.
‘සතියක පමණ කාලයක් හොඳ පුහුණු සැසි කිහිපයකටම සහභාගි වුණා. හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙනවා. කණ්ඩායමේ සියලූ දෙනා හොඳ සාමූහික ප‍්‍රයත්නයකින් පුහුණුවීම්වල නිර ත වෙනවා. ‘අපි විශේෂ කුසලතා පුහුණුවීම්වලත් නිරත වුණා’
ශ‍්‍රී ලංකාව ලෝක කුසලානට පෙර ඔස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව සමග පෙරහුරු තරගවලටද සහභාගි වීමට නියමිතය.
ශ‍්‍රී ලංකාවේ ලෝක කුසලාන සමාරම්භක තරගය නවසීලන්තය සමගින් ලබන මස 1 වැනිදා කාඩිෆ් හිදී පැවැත්වේ.