FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සමග තරගාවලියට ස්කොට්ලන්ත සංචිතය නම් කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – එක්දින ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් එක්දින කි‍්‍රකට් තරගාවලිය සඳහා සහභාගි වන ස්කොට්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව එඩින්බර්ග් හි පැවැත්වෙන අදාළ තරගාවලිය සඳහා 15 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කොට තිබේ.
දෙරට අතර පළමු එක්දින තරගය මැයි 18 වැනිදා ශී‍්‍ර ලංකා වේලාවෙන් සවස 3.30ට ආරම්භ වීමට නියමිත අතර දෙවැනි තරගය මැයි 21 වැනිදා ශී‍්‍ර ලංකා වේලාවෙන් සවස 3.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.
ස්කොට්ලන්ත සංචිතය – කයිල් කෝටර්ස් (නායක), ඩිලන් බර්ජ්, ස්කොට් කැමර්න්, මැතිව් ක්රොස්, ඇලසාඩෙර් එවන්ස්, මයිකල් ජෝන්ස්, කාලම් මැක්ලියඞ්, ගවීන් මෙයින්, ජෝර්ජ් මන්සි, සෆියාන් ෂරිෆ්, ටොම් සෝල්, ක්රේග් වොලස්, මාර්ක් වොට්, බ්රේඞ් වීල්.