FAST NEWS

24×7 Around the Globe

හයිද්‍රාබාදය පරදවා දිල්ලිය අවසන් පුර්ව තරගයට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් සිව්දෙනාගේ වටයේ දෙවැනි තරගය ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර විශාඛාපට්නම්හිදී ඊයේ (08) රාත්‍රී පැවැති ‘පරාජිතයන් ඉවත් කිරීමේ’ තරගයෙන් දිල්ලි කණ්ඩායම කඩුලු 02 ක් වාර්තා කළේය.
කාසියේ වාසිය දිනාගත් දිල්ලි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් පමණක් දැවි ලකුණු 162 ක් ලබා ගත්තේය.
දිල්ලි කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 05 කදී කඩුලු 08 ක් දැවි තිබියදි සිය ජයග්‍රාහි ඉලක්කය සපුරා ගත්තේය.
දිල්ලි පිල මෙම ජයග්‍රහණයත් සමඟ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ අතර එම තරගය චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව අනිද්දා (10) පැවැත්වීමට නියමිතය.
මෙම පරාජයත් සමඟ සන්රයිසස් හයිද්‍රාබාද් පිලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.