FAST NEWS

24×7 Around the Globe

කොදෙව්වන් පරදා බංග්ලාදේශය කඩුලු 08 ක ජයක් වාර්තා කරයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  අයර්ලන්ත, බංග්ලාදේශ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරගයයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කඩුලු 08 ක ජයක් වාර්තා කිරිමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (07) සමත්ව විය.
කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 261ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණූ 264ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළේය.
ලකුණූ පුරුව..