FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන 2019 අයි.සී.සී, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
ඒ අනුව පෙරවරු 10.20ට පමණ ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 651 දරණ ගුවන් යානයෙන් කණ්ඩායම පිටත්ව ගියේය.