FAST NEWS

24×7 Around the Globe

අති සාර්ථක ‘ඇවෙන්ජර්ස්’ ලෝ පුරා සිනමාහල් 4462 ක..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල අති සාර්ථකව තිරගත වන ‘ඇවෙන්ජර්ස් ඊන්ඩ ද ගේම්’ චිත්‍රපටය මේ වනවිට හොලිවුඩයට සමගාමීව ලොවපුරා සිනමා ශාලා 4462 ක ප්‍රදර්ශනය වේ.
‘මාවල්’ චිත්‍රපට සමාගමේ අලුත්ම චිත්‍රපටය වූ මෙය ලොවපුරා තිරගත වෙන චිත්‍රපට අතරින් වැඩිම සිනමා ශාලා ප්‍රමාණයක තිරගත වූ පළමු චිත්‍රපටය ලෙස ඉතිහාස ගත වේ.
මීට පෙර චිත්‍රපටයක් වැඩිම සිනමා ශාලා ප්‍රමාණයක ප්‍රදර්ශනය වී තිබුණේ 2017 වසරේ තිරගත වූ ‘Despicable Me 3‘ චිත්‍රපටයයි.
එය ලොවපුරා සිනමා ශාලා 2529 ක ප්‍රදර්ශනය වී තිබුණි.
කෙසේ වෙතත්, Despicable Me 3‘ චිත්‍රපටයට වඩා මේ වනවිට සිනමා වාර්තා රැසකට හිමිකම් කීමට ‘ඇවෙන්ජර්ස් ඊන්ඩ ද ගේම්’ චිත්‍රපටය සමත්ව තිබේ.