FAST NEWS

24×7 Around the Globe

අවුරුදු 20 න් පහළ බාලක සහ බාලිකා හොකී තරගාවලිය කල් දැමේ

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මැයි මස 10, 11 සහ 12 දිනවල කොළඹ කෘත‍්‍රිම ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ අන්තර් දිස්ත‍්‍රික් ඒකාබද්ධ පාසල් වයස අවුරුදු 20 න් පහළ බාලක සහ බාලිකා හොකී තරගාවලිය කල් දමන ලද බව ශ‍්‍රී ලංකා පාසල් හොකී සංගමය නිවේදනය කර සිටී.

මෙම තරගාවලිය පවත්වන දිනයන් පසුව නිවේදනය කරන බවද එම නිවේදනයෙහි සඳහන්ව තිබේ.