(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ 50 වැනි තරගය ලෙස පැවති තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමීන් ලකුණූ 80 ක ජයක් වාර්තා කිරිමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (01) සමත් විය.
චෙන්නාහි චිදම්බරම් ක්‍රීඩාංගණයේදි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලි ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවි ලකුණූ 179 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දිල්ලි කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 02 ක් තුළ සියළු දෙනා දැවි ලබා ගැනිමට සමත් වුයේ ලකුණු 99 ක් පමණි.
මෙ වන විට චෙන්නායි හා දිල්ල කණ්ඩායම් මෙම තරගාවලියේ අවසන් කණ්ඩායම් අතරට සුදුසුකම් ලබා සිටියි.
ලකුණූ පුරුව..










