FAST NEWS

24×7 Around the Globe

සොනක්ෂි සින්හාගේ මව දේශපාලන බිමට…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බොලිවුඩයේ සුපිරි සිනමා නිළි සොනක්ෂි සින්හාගේ මව වගේම ඉන්දීය ඇමතිවරයෙකුද වන සත්රුගන් සින්හාගේ බිරිඳ පූනම් සින්හා ඉන්දිය දේශපාලනයට පිවිස තිබේ.
ඇය මෙවර ඉන්දීය මැතිවරණයේදී ‘භාරති’ ජනතා පක්ෂය නියෝජනය කරමින් ලක්නව් ආසනය සඳහා තරග වදින බවට තොරතුරු වාර්තා වේ.
‘මගේ ජයග්‍රහණය ගැන මට විශ්වාසයි. මගේ පක්ෂය මේ වැඩ ගොඩක් කරලා තියෙනවා යැයි ඇය ට්විටර් පණිවිඩයක් ද සටහන් කර තිබේ.
මෙවර පුනම්ගේ සැමියා වූ සත්රුගන් සින්හා ඉන්දීය මැතිවරණයට ඉදිරිපත් නොවන බව සඳහන් වේ.