FAST NEWS

24×7 Around the Globe

කිමීගේ සැමීයාට අමෙරිකානු ජනපති හීනයට ඩිමොකැටික් පක්ෂයෙන් තල්ලුවක්.

2020 වසරේ අමෙරිකානු ජනාධිපතිවරණයට තරග කිරීමට තමාට අවශ්‍ය බව රැප් ගායක කාන්යේ වෙස්ට් පවසයි.

ඩිමොක්‍රටික් පක්ෂය සිය ට්විටර් වෙබ් අඩවි ඔස්සේ අදහස් පළ කරමින් කියා සිටියේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට කාන්යේ වෙස්ට් සාදරයෙන් පිළිගන්නා බව ය.

කාන්යේ වෙස්ට් අමෙරිකානු රියැලිටි රූපවාහිනී තාරකාවක් වන කිම් කාඩේෂියන්ගේ සැමියා ය.

ලොස්ඇන්ජලීස් නුවර පැවති සංගීත සම්මාන උළෙලකට සහභාගී වූ හොලිවුඩ් තරු අමතමින් කාන්යේ වෙස්ට් පැමිණ අමෙරිකානු ජනාධිපතිවරණයට තරග කිරීමේ සිය අදහස පිළිබඳව ප්‍රකාශ කළේ ය.

ලොව ඉහළ පෙළේ ම රැප් ගායකයා තමා බව ද ඔහු මෑතකදී සඳහන් කළේ ය.

වේදිකාවට නැගීමට පෙර තමන් මත්ද්‍රව්‍ය භාවිත කළ බවට කාන්යේ කළ ප්‍රකාශය මෙතෙක් සත්‍යය ද යන්න මෙතෙක් හෙළි වී නොමැත.

කෙසේ වෙතත් කාන්යේ වෙස්ට් සැබැවින් ම 2020 වසරේදී ජනාධිපතිවරණයට පිවිසෙන්නේ ද යන්න මෙතෙක් අවිනිශ්චිත ය.

මේ අතර ඔහුගේ එම ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ජෝෂ් අර්න්ස්ට් සඳහන් කළේ, සිය මැතිවරණ ප්‍රචාරණය
කටයුතුවලදී රැප් ගායකයා කිනම් ආකරයේ සටන් පාඨ යොදා ගන්නේ දැයි, යන්න දැකීමට කැමැත්තෙන් සිටින බව ය.

කාන්යේ වෙස්ට් සංගීත සම්මාන උළෙලකදී හා මාධ්‍ය සාකච්ඡාවකදී අනිසි ලෙස හැසිරීම හමුවේ මීට පෙර දෙවරක් අමෙරිකානු ජනාධිපතිබැරක් ඔබාමාගේ විවේචනයට ලක් විය.

කාන්යේ වෙස්ට් හා ඔහුගේ බිරිඳ ඉකුත් මාසයේදී 2016 වසරේ ජනාධිපති අපේක්ෂකත්වයට ඩිමොක්‍රැටික් පක්ෂයෙන් තරග වදින හිලරි ක්ලින්ටන් පැවැත්වූ අධාර එක්රැස් කිරීමේ අවස්ථාවකට ද සහභාගී විය.