FAST NEWS

24×7 Around the Globe

ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසන් කතා මාලාවට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝ පුරා ජනප්‍රියත්වයට පත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් හි අවසානය වන 08 වැනි කතා මාලාවේ පළමු වැනි කතාංගය අප්‍රේල් 14 වැනිදා රාත්‍රියේ HBO නාලිකාව ඔස්සේ විකාශය කිරීම ආරම්භ කරනු ලැබීය.
ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසන් කතා මාලාවේ අවසන් කතාංගයට මේ වනවිටත් විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙමින් පවතින අතර එය ලොව බොහොමයක් පුවත් වෙබ් අඩවිවල ප්‍රධාන මාතෘකාව බවට පත් වී තිබීම ද විශේෂත්වයක්.
කතාංග 06 කින් සමන්විත වන ගේම් ඔෆ් ත්‍රෝන්ස් 08 වැන්නේ අවසන් කතාංගය විකාශය කිරීමට නියමිත වන්නේ මැයි 19 වැනිදාය.