FAST NEWS

24×7 Around the Globe

ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිලට කඩුලු 4ක ජයග්‍රහණයක් ගෙනදෙයි…

(ෆාස්ට් නිව්ස් ඉන්දීයාව) – ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරඟාවලියේ ඊයේ (15) පැවති තරඟයකදී ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් පිලට ජයග්‍රහණය ගෙන ඒමට ප්‍රමුඛ දායකත්වයක් දක්වයි.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදවා කඩුළු 05 ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

මේ අතර, ලකුණු 31 කට කඩුළු 04 ක් බිඳ හෙළු ලසිත් මාලිංග තරඟයේ වීරයා ද විය.

බැංගලෝර් කණ්ඩායම සිය පන්දුවාර විස්ස තුළදී කඩුළු 07 ක් දැවී ලකුණු 171 ක් රැස්කළ අතර, මුම්බායි ඉන්දියන්ස් පිල පන්දුවාර 19 කදී කඩුළු 05 ක් දැවී ලකුණු 172 ක් ලබමින් තරඟයේ ජය හිමිකර ගත්තේය.