FAST NEWS

24×7 Around the Globe

සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන්ගේ අවසන් කටයුතු අද (10)…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද (10) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.
1950 වසරේදී මොණරාගල සියබලාණ්ඩුව ප්‍රදේශයේදී උපත ලැබූ එච්.එම්. ජයවර්ධන මහතා ගී පද රචකයෙක් , තනු නිර්මාණකරුවෙක් ලෙස මෙරට සංගීත ක්ෂේත්‍රයට මහගු සේවයක් ඉටු කරනු ලැබීය.
ඒ මහතා පසුගිය 08 වනදා අභාවප්‍රාප්ත වූයේ දින කීපයක් පුරාවට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.