FAST NEWS

24×7 Around the Globe

කොල්කටා පරදා චෙන්නායි කඩුලු 07 ක ජයක් වාර්තා කරයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර චෙන්නායිහිදී ඊයේ (09) පැවැති තරගය කඩුලු 07 කින් ජයගැනීමට චෙන්නායි කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනූ චෙන්නායි ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 09 ක් දැවී ලකුණු 108 ක් රැස් කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 02 කදී කඩුලු 03 ක් දැවී එම ඉලක්කය සපුරා ගැනිමට සමත් විය.