(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල තිරගත වෙන ‘කේසාරි’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව ඉක්මවා යාමත් සමග එම මුදලක් උපයාගත් චිත්‍රපට අතරින් තුන්වැනි තැනට පත්වන්නට ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර්ට හැකිව තිබේ.
මේ අනුව ඔහු බොලිවුඩයේ ‘කිං ඛාන්’ බොලිවුඩයේ සුපිරි නළු හෙවත් ෂාරුක් ඛාන් පසුකර එම ලැයිස්තුවේ තුන්වැනි තැනට පත්ව ඇත.
මුල් තැන සල්මාන්ට හිමිව තිබෙන අතර, දෙවැනි තැන අමීර් ඛාන්ට හිමිව තිබේ.










