(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස වන්කඬේ ක්‍රීඩාංගණයේදී ඊයේ (03) රාත්‍රී පැවැති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල ලකුණු 37 කින් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරාජය කිරීමට සමත් විය.
මෙම පරාජයත් සමඟ චෙන්නායි පිල තරග තුනක් තුළ රදවාගෙන සිටි අපරාජිත වාර්තා බිඳ වැටුණි.
කාසියේ වාසිය දිනු චෙන්නායි ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 05 ක් දැවි ලකුණූ 170 ක් රැස් කළේය.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කය හඹාගිය චෙන්නායි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 133 ක් පමණි.
ලකුණූ පුරුව..





































































































































