FAST NEWS

24×7 Around the Globe

‘ඩම්බෝ’ ත්‍රිමාණ චිත්‍රපටය දැන් ‘ස්කොප්’ ශාලාවේදී…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය 29 වනදා ලොවපුරා ප්‍රදර්ශනය ඇරඹූ ‘ඩම්බෝ’ ත්‍රිමාණ චිත්‍රපටය බම්බලපිටිය ‘ස්කොප්’ ශාලාවේදී ද තිරගත වීමට නියමිතය.
ලෝක ප්‍රකට ‘වොල්ඩ් ඩිස්නි’ චිත්‍රපට සමාගමේ බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය මේ වසරේ තිරගත වන පළමු ත්‍රිමාණ චිත්‍රපටයයි.
කුඩා සර්කස් ප්‍රසංග පවත්වමින් ජීවත්වන සර්කස් කණ්ඩායමක සිටින පුංචි අලි පැටවෙකු වටා ගෙතී ඇති සිනමා නිර්මාණයක් මෙම චිත්‍රපටය පුරා දිගහැරෙයි.
කොලින් ෆෙරල්, මයිකල් කීතන්, ඩැනි ඩෙවීටෝ, ඊවා ග්‍රින් හා ඇලන් ආර්කින්ස් මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකත්වය සපයා දී ඇත.