FAST NEWS

24×7 Around the Globe

මිය ගොස් වසරක් ගතවෙද්දී ශ්‍රී දේවිට ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානයක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගිය වසරේදී ජීවිතක්ෂයට පත් වූ සුරූපි බොලිවුඩ් සිනමා නිළි ශ්‍රී දේවිට මෙවර ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී සම්මානයක් හිමි වූ අතර මෙහි විශේෂත්වය වන්නේ ඇය මෙසේ සිනමා සම්මාන උළෙලකදී ජීවිතේ එක්වරක් පිදෙන සම්මානයෙන් පිදුම් ලැබූ තුන්වැනි අවස්ථාව මෙය වීමයි.
මීට පෙර ඇය ‘අයිෆා’ හා ‘සී සිනේ’ සිනමා සම්මාන උළෙලයන් හිදීද මෙම සම්මානයෙන් පිදුම් ලබා තිබුණි.
විශේෂත්වය වන්නේ ශ්‍රී දේවි මිය ගිය පසු ඇයට මෙම සම්මානයද ඇතුළුව තවත් සම්මාන 13ක් හිමිව තිබීමය.
ලොවක් වසග කළ ඇය විසින් අවසන් වරට රංගනයෙන් දායක වූ ‘මාම්’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසාද සිනමා සම්මාන උළෙලයන් කිහිපයකදීම හොඳම නිළිය වන්නටද ඇයට හැකියාව ලැබිණි.