FAST NEWS

24×7 Around the Globe

බැංග්ලෝර් පරදා මාලිංග මුම්බායි වෙත ජය ගෙනෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි – 20 තරගාවලියේ 07 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අතර බැංග්ලෝර්හිදී ඊයේ (28) පැවැති තරගයෙන් ලකුණු 06 ක තියුණු ජයක් වාර්තා කිරිමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 187 ක් ලබාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය බැංග්ලෝර් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 181 ක් පමණි.
තරගය ජය ගැනීම සඳහා බැංග්ලෝර් පිතිකරුවන්ට ලසිත් මාලිංග යැවූ තරගයේ අවසන් පන්දුවාරයේදියේදී ලකුණු 17 ක් රැස්කිරීමට සිදුවූ නමුත් එහිදී ඔවුන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි.
කෙසේ වුවත් මෙම තරගයේදී ප්‍රතිවාදීන්ට ලකුණු 47 ක් ලබාදුන් මාලිංගට කඩුලු දවාගැනීමට නොහැකි වූ අතර අවස්ථා දෙකකදී බැංගලෝර් පිතිකරුවන් ලබාදුන් උඩ පන්දු මුම්බායි පන්දු රකින්නන් අතින් ගිළිහී ගියේය.