FAST NEWS

24×7 Around the Globe

පංජාබ් පරදා කොල්කටා ලකුණූ 28 ක ජයක් ලබයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස කිංග්ස් XI පංජාබ් කණ්ඩායම සමග කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (27) රාත්‍රී පැවැති තරගයෙන් කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම ලකුණු 28 ක ජයක් ලැබීය.
කාසියේ වාසිය ලැබූ පංජාබ් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 04 කට ලකුණූ 218 ක් රැස් කළේය.
ඒ අනුව ලකුණු 219 ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය කිංග්ස් XI පංජාබ් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු හතරක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 190 ක් පමණි.
ලකුණූ පුරුව..