FAST NEWS

24×7 Around the Globe

තෙවනි ජයත් සමඟ විස්සයි – 20 තරඟාවලියේ ජය දකුණූ අප්‍රිකාවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තෙවැනි විස්සයි – 20 තරගයෙන්ද ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව 45ක ජයක් වාර්තා කරමින් විස්සයි – 20 තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් විස්සයි20 තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 2ට ලකුණු 198ක් වාර්තා කිරීමට සමත්වූයේය.
ඩී. ප්‍රිටොරියස් පන්දු 42කදී වේගවත් ලකුණු 77ක් රැස්කිරීමට සමත්වූයේය.
ශ්‍රී ලංකාවට පන්දුවාර 17කදී ලකුණු 183ක ඉලක්කයක් හිමිවූ අතර පන්දුවාර 15.4කදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 137ක් පමණි.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 38ක් හා ඉසුරු උදාන ලකුණු 36ක් වාරතා කිරීමට සමත්වූහ.