FAST NEWS

24×7 Around the Globe

“ගින්නෙන් උපන් සීතල” ලක්ෂ 600 ඉක්මවයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනවාරි මස 18 වනදා සිට දිවයින පුරා ප්‍රදර්ශනය ඇරඹූ අනුරුද්ධ ජයසිංහයන්ගේ නවතම සිනමා අධ්‍යක්ෂණයක් සහ චමත්කා පීරිස්ගේ නිෂ්පාදනයක් වන “ගින්නෙන් උපන් සීතල” මේ වන විට ලක්ෂ 600 ක් ඉක්මවූ ආදායමකට හිමිකම් කීමට සමත්වී තිබේ.

ලෝක ප්‍රකට ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන කාණ්ඩයට ඇතුලත් වීමට සුදුසුකම් ලත් පළමු ශ්‍රී ලාංකේය සිනමා කෘති ද්විත්වය අතරට ඇතුලත් වීමටත් මෙම චිත්‍රපටයට අවස්ථාව හිමිව ඇත.

ජවිපෙ හිටපු නායක රෝහණ විජේවීරයන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ ඔහුගේ චරිතයට ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි විසින් පණ පොවා ඇති අතර දිල්හානි අශෝකමාලා, ජගත් මනුවර්ණ, සුලෝචනා වීරසිංහ, විශ්වජිත් ගුණසේකර ඇතුළු රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක් මේ සඳහා රංගනයෙන් දායක වී තිබේ.