(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගාඩියන් ඔෆ් ද ග්ලැක්සිස්’ හා ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපට හරහා අතිශය ජනප්‍රිය වූ ක්‍රිස් ප්‍රිට් මේ දිනවල තවත් අලුත් චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණ තිබේ.
ඒ , ‘ද කිඩ්’ නම් ක්‍රියාදාම චිත්‍රපටයක් හරහායි.
ක්‍රිස් ප්‍රිට් පළමු වතාවට චිත්‍රපටයක දුෂ්ඨ චරිතයකින් මෙහි ප්‍රේක්ෂකයා හමුවීම මෙහි ඇති විශේෂත්වයයි.
මෙම චිත්‍රපටය පසුගිය මාර්තු 08 වැනිදා හොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය.
ඊතන් හේවැක්, ඩැනි ඩිහාන් සමග ක්‍රිස් ප්‍රිට් මෙහි රංගනයෙන් දායක වෙයි.









