FAST NEWS

24×7 Around the Globe

සල්මාන් හා ශාරුක් යළිත් එක්වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 1999 වසරේ තිරගත වූ ‘හම් දිල් දේ චුකේ සනම්’ චිත්‍රපටයේ දෙවැනි නිර්මාණය ලෙස සැළකෙන සංජය ලීලා බන්සාලි විසින් නිර්මාණය කරන නවතම සිනමා පටය සදහා සල්මාන් ඛාන් සහ බොලිවුඩයේ සුපිරි තරුව ශාරුක් ඛාන් ද එක් කර ගැනීමට බලාපොරොත්තුවන බව වාර්තා වේ.
මෙම නවතම සිනමා පටයේ ප්‍රධාන චරිත සඳහා සල්මාන් සමගින් ප්‍රියංකා චොප්රා තෝරා ගෙන ඇති අතර, ෂාරුක් ඛාන් මෙහි උප චරිතයක් සඳහා තෝරාගෙන තිබෙන බව බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරයි.
බොලිවුඩයේ සුරූපිනිය අයිශ්වර්යා රායිද මෙම චිත්‍රපටයේ කොටසකට පෙනී සිටිමට කැමැත්ත පළ කර ඇති බවත් වාර්තා වේ.