FAST NEWS

24×7 Around the Globe

හතුරු ශ්‍රී ලංකාවට කැඳවන හේතුව මෙන්න..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ලංකාවට කැඳවීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව එම ආයතන ආරංචි මාර්ග කියයි.
ඒ අනුව දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය නිම වීමෙන් පසු ඔහු ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බවද පැවසේ.
කණ්ඩායම ආශ‍්‍රිතව මේ වනවිට පැන නැගී ඇති අර්බුදකාරී තත්වයක් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ බවත් කියැවේ.
ලෝක කුසලාන තරගාවලියට පෙර මෙම අර්බුදය නිරාකරණය කර ගත යුතු බව ක්‍රිකට් ආයතනයේ අදහස වී ඇති බවත් කියැවේ.
දකුණු අප‍්‍රිකානු එක්දින තරගාවලියේ පළමු තරග 04ම ශ‍්‍රී ලංකාව පරාජයට පත්වුණා. 05 වන සහ අවසන් එක්දින තරගය ලබන සෙනසුරාදා (16) පැවැත්විමට නියමිතය.
දෙරට අතර තරග 03 කින් සමන්විත පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ වන්නේ ලබන 19 වැනිදා ආරම්භ විමට නියමිතය.