FAST NEWS

24×7 Around the Globe

‘කැප්ටන් මාවල්’ වාර්තාගත ආදායමක…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පසුගිය මාර්තු 08 වැනිදා හොලිවුඩයට සමගාමීව ලොවපුරා රටවල් රැසක ප්‍රදර්ශනය ආරම්භ වූ ‘කැප්ටන් මාවල්’ චිත්‍රපටය දින තුනක් ගතවෙද්දී ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ආදායමක් උපයා ගැනීමට සමත්වී තිබේ.
මෙය ‘මාවල්’ චිත්‍රපට සමාගමේ කෙටි කාලයක් තුළදී ඇමෙරිකානු ඩොලර් 100 ක් උපයාගත් චිත්‍රපට අතළොස්ස අතරට එක් විය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 153 ක් වියදම් කරමින් තැනුණ මෙම චිත්‍රපටය ඉතා කෙටි කාලයකින් සිය වියදම් මුදල සොයා ගනු ඇතැයි සිනමා විචාරකයන් පවසයි.