(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ ඊයේ (05) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණූ 08 ක තියුණූ ජයක් වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියා කණ්ඩායමේ අරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 02 කදි සියලු දෙනා දැවි ලකුණු 250 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 03 කදී සියලු දෙනා දැවි ලබා ගැනිමට හැකි වුයේ ලකුණූ 242 ක් පමණි.
මෙම තරඟයේදි ඉන්දීයාව වෙනුවෙන් නායක විරාත් කෝලී පන්දු 110 කදී අගනා ලකුණූ 116 ක් රැස් කළේය.
මේ අනුව තරඟ 05 කින් යුත් එක්දින තරඟාවලිය 2-0 ලෙස පෙරමුණ ගැනිමට ඉන්දිය කණ්ඩායම සමත්ව විය.
ලකුණු පුරුව..










