FAST NEWS

24×7 Around the Globe

සනත් අභිබවා පළමු 10 ට පැමීණිමට මාලිංගට වරමක්..

(ෆාස්ට් ගොසිප් | කොළඹ) – සංචාරක දකුණූ අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරඟ පහකින් යුත් එක්දින තරඟාවලිය තුළදි ,එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ 10 වැන්නා බවට පත් විමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග හට වරමක් හිමීව තිබේ.
ඔහු මෙතෙක් එක්දින තරඟ 208 කට සහභාගි වි කඩුලු 318 ක් දවාගෙන එම සටහනේ 11 වැනි ස්ථානයේ පසු වන අතර ,එම සටහනේ 10 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක සනත් ජයසුරිය කඩුලු 323 ක් දවා ගෙන තිබේ.
ඒ අනුව දකුණූ අප්‍රිකාව සමඟ ඉතිරි එක්දින තරඟ 04 තුළදි කඩුලු 06 ක් දවාගතහොත් සනත් ජයසුරිය අභබවමීන් 10 වැනි ස්ථානයට පත් විමට ලසිත් මාලිංගට හැකි වනු ඇත.