FAST NEWS

24×7 Around the Globe

දිමුත් කරුණාරත්නට හැම්ප්ෂයර් ප්‍රාන්තයේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන දිමුත් කරුණාරත්නට එළැඹෙන ජූලි මාසයේදී එංගලන්තයේ හැම්ප්ෂයර් ප්‍රාන්තයේ 20 – 20 ක්‍රීඩා සමාජ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවී ඇත.
දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයේදී ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබාදුන්නේ දිමුත් කරුණාරත්න විසිනි.
ඒ වගේම ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සිය ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමත්විය. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි අංක 07 ස්ථානය හිමිකර ගනිමින්.