FAST NEWS

24×7 Around the Globe

අජේ දේව්ගන් අතිශය ජනප්‍රිය “ඉන්දියන් 02” චිත්‍රපටය ප්‍රතික්ෂේප කරයි..

(ෆාස්ට් ගොසිප් | කොළඹ) ශංකර් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන කොලිවුඩයේ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වූ ‘ඉන්දියන්’ හි දෙවැනි නිර්මාණයේ රූපගත කරමින් මේ වනවිට සිදුකරමින් පවතින බව වාර්තා වෙයි.
සුපිරි නළු කමල් හසන් මෙහි සුපුරුදු ප්‍රධාන චරිතයට පණ පොවන අතර, බොලිවුඩ් සිනමා නළු අජේ දේව්ගන්ටද මෙහි චරිතයක් හිමිව ඇත.
කෙසේ වෙතත්, අජේ දේව්ගන් එම චරිතය ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වෙයි.
ඔහු එයට හේතුව වශයෙන් පෙන්වා දී ඇත්තේ තමා චිත්‍රපට රූපගත කිරීම් හේතුවෙන් කාර්යබහුලව සිටින නිසාවෙන් මෙම චිත්‍රපටයට එක්වීමට නොහැකි වූ බවයි.