FAST NEWS

24×7 Around the Globe

ඉන්දීයාව පරදා ඔස්ට්‍රේලියාව විස්සයි – 20 න් තියුණූ ජයක් ලබයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ‍   ඉන්දීය කණ්ඩායම සමඟ ඊයේ (24) විශාකාපට්නම්හිදි පැවති පළමු විස්සයි – 20 ක්‍රිකට් තරඟයෙන් කඩුලු 03 ක ජයග්‍රහණයක් වාර්තා කිරිමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියා කණ්ඩායමේ අරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවි ලකුණු 126 ක් රැස් කළේය.
මෙහිදි ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ලෝකෙෂ් රාහුල් ලකුණූ 50 ක්, මහේන්ද්‍ර සිං දෝනි ලකුණූ 29 ක් හා නායක විරාත් කෝලී ලකුණූ 24 ක් රැස් කළහ.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නේතන් කොල්ටර්-නයිල් ලකුණූ 26 කට කඩුලු 03 ක් දවා ගැනිමට සමත් වුයේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට ලකුණූ 2 ක් රැස් කරමීන් සිය ජයග්‍රහණය වාර්තා කළේය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු 43 කදී ලකුණූ 56 ක් ලබා ගැනිමට සමත් විය.
දෙරට අතර දෙවන හා අවසන් විස්සයි – 20 තරඟය ලබන 27 වැනිදා බැංගලෝර්හිදි පැවැත්විමට නියමීතය.