FAST NEWS

24×7 Around the Globe

WWE ශූර රෝමන් රේන්ස් සුපිරි හොලිවුඩ් චිත්‍රපටයක…

මේ වන විට WWE මල්ලවපොර පිටියෙන් ඈත්ව සිටින රෝමන් රේන්ස් ඉදිරියේදී සුපිරි හොලිවුඩ් චිත්‍රපටයකින් දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයන් හට අවස්ථාව ලැබී තිබේ.
ඔහු මේ වන විට එම ක්‍රීඩාවෙන් ඉවත්ව තිබෙන්නේ ලියුකේමියාව රෝගයෙන් පීඩා විදීම හේතුවෙනුයි.
රේන්ස්ගේ ඥාති සොහොයුරු වූ ඩිවෝන් ජොන්සන් රංගනයෙන් දායක වන ‘හෝබස් ඇන්ඩ් ස්නොව්’ චිත්‍රපටය තුළින් ඔහු ප්‍රේක්ෂකයා අතරට එක්වීමට නියමිතව තිබේ.
මෙහි රෝමන් උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරන අතර, එය ඔහුගේ පළමු හොලිවුඩ් චිත්‍රපට රංගනයද වේ. ඩිවෝන් මේ සම්බන්ධව පවසා ඇත්තේ තම ඥාති සොහොයුරා සමගින් චිත්‍රපටයක රඟපෑමට ලැබීම සතුට දනවන්නක් බවයි.