FAST NEWS

24×7 Around the Globe

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙළ හෙට (12) නෙළුම් පොකුණ රඟහලේ දී..

ගුවන් විදුලි 2019 රාජ්‍ය සම්මාන උලෙළ හෙට (12) පස්වරු 6.00 ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්වෙයි.
ගුවන් විදුලිය සඳහාම වෙන් කෙරුණු රාජ්‍ය සම්මාන උලෙළක් ප්‍රථම වරට පැවැත් වූයේ 2017 පෙබරවාරි 13 වෙනිදාය. 1925 දෙසැමිබර් 16 වැනිදා නිළ වශයෙන් ආරම්භ කෙරුණු ශ්‍රී ලාංකේය ගුවන් විදුලිය දශක නමයක කාලය තුළ මේ රටට සිදුකොට ඇති සේවය අති මහත්ය.
ශ්‍රී ලංකා කලා මණ්ඩලයත්, ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාව මෙන්ම ජූරි මණ්ඩලයක් මෙම සම්මාන උළෙලේ විනිසුරු මණ්ඩලය ලෙස කටයුතු කර තිබේ.