FAST NEWS

24×7 Around the Globe

දමිළ සිනමාවේ දුෂ්ඨයා ඉන්දීය මැතිවරණ බිමට…

ඉන්දීය දමිළ බහුතරයක් චිත්‍රපටවල දුෂ්ඨ චරිතවලට පනපොවන සුපිරි නළු ප්‍රකාශ් රාජ් ඉදිරියේදී පැවැත්වෙන ඉන්දීය මැතිවරනය සඳහා තරග කිරීමට සූදානමින් සිටින බව ඉන්දීය ආරංචි මාර්ග තහවුරු කරයි.
‘ඉන්දීය ජනතා පක්ෂය’ නියෝජනය කරමින් ඔහු තරග බිමට ඇතුල් වීමට නියමිතව තිබේ.
ඉන්දීය ජාතික සම්මානයෙන් පවා වරක් දිනා ගැනීමට ප්‍රකාශ් රාජ් සමත්විය.
ඉන්දීය ජනතා පක්ෂය ඉන්දිය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ පක්ෂයද වේ. මෙවර මැතිවරණය සඳහා දකුණු ඉන්දියාව නියෝජනය කරමින් සුපිරි දමිල සිනමා නළුවන් වූ රාජිණිකාන්ත්, කමල් හසන්. විජේද උතුරු ඉන්දියාව නියෝජනය කරමින් මධුරි ඩික්සිත්, කරීනා කපූර්, තාබුද තරග කිරීමට නියමිතව තිබේ.