FAST NEWS

24×7 Around the Globe

ප‍්‍රවීන ඡායාරූප ශිල්පියෙකු වූ බර්ටි ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි…

මෙරට දශක ගණනාවක සිට ප‍්‍රවීන ඡායාරූප ශිල්පියෙකු , සිනමා තිර රචකයෙකු , සහාය අධ්‍යක්‍ෂවරයෙකු , සිනමා මාධ්‍යවේදියෙකු ද වූ රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ ගරු සභාපති බර්ටි ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇත.
මෑත බාගයේ ඔහු ඡායාරූප උපදේශකයෙකු ලෙස අලුත් පරම්පරාවට සිය දැණුම සහ අවබෝධය බෙදාහදාගත් අතිදක්ෂ ගුරුවරයෙකු විය.
ශ්‍රී ලාංකීය ජායාරූපකරණයේ ස්වර්ණමය සලකුණක් වූ ඔහු මෙරට සිනමාවේ ස්වර්ණමය යුගයේ සිටි සිනමා දැවැන්තයන් සමග කටයුතු කළ ” හන්තානේ කතාව” චිත‍්‍රපටයේ සම තිරකතා රචකයාද විය.
ඒ මහතාගේ අවසන් කටයුතු 2019.02.08 දින සිදු කිරීමට නියමිතව ඇත.