අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ(අයි.සී.සී.) නව ප්රධාන විධායක නිලධාරි ලෙස ඉන්දීය ජාතික මනු සොව්නි පත්කළ බවට එම ආයතනය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
නව ප්රධාන විධායක නිලධාරි ලෙස මනු සොව්නි පත්කෙරුණද හිටපු ප්රධාන විධායක නිලධාරි වන ඩේවිඩ් රිචර්ඩ්සන් එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය නිමාවන තෙක් එම ධුරයේ කටයුතු කෙරෙන බවද එහි සඳහන්.
සොව්නි පෙබරවාරි මාසයේදී අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයට එක්වීමට නියමිත අතර ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහු, ඩේවිඩ් රිචර්ඩ්සන්ගේ තනතුර නිල වශයෙන් භාර ගැනීමට නියමිත බවද එම නිල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.








