කොලිවුඩ් සිනමාවේ සුපිරි නළු රජිණි කාන්ත් ප්‍රධාන චරිතයෙන් රංගන දායකත්වය ලබාදෙන “පේට්ට” සිනමා පටයේ තෙළිඟු ප්‍රතිනිෂ්පාදනය ඉන්දියාවේ තෙළිඟු ප්‍රාන්තවල තිරගත කිරීමේදී අර්බුධකාරී තත්ත්වයක් හට ගනු ඇතැයි බෙදා හැරීමේ සමාගම් සදහන් කරයි.
ඊට හේතුව ලෙස ඔවුන් පවසා සිටින්නේ තෙලංඟනා සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවල එම චිත්‍රපටය දර්ශනය කිරීමට තරම් ප්‍රමාණවත් සිනමාහල් නොතිබීමයි.
පේට්ට චිත්‍රපටය දෙමළ සහ තෙළිඟු භාෂාවලින් හෙට (11) සිට ලොව පුරා සිනමා ශාලාවල තිරගත වීමට නියමිත බව එහි නිෂ්පාදන කණ්ඩායම සදහන්කර සිටී.









