FAST NEWS

24×7 Around the Globe

චාමික හත්ලහවත්තගේ “බෝම්බයක් ඉතුරුයි” වේදිකාගත කෙරෙයි..

 

සම්මානනීය වේදිකා නාට්‍යය අධ්‍යක්ෂ කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය චාමික හත්ලහවත්තගේ නවතම වේදිකා නිර්මාණය “බෝම්බයක් ඉතුරුයි” ජනවාරි 13 සහ 14 යන දෙදින සවස 07 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී රංගගත කිරීමට නියමිතය.

ගිහාන් ප්‍රනාන්දු, උමයන්ගනා වික්‍රමසිංහ, සරත් කරුණාරත්න, ප්‍රදීප් රාමවික්‍රම, සිළිඳු රන්වල, ජිතේන්ද්‍ර විද්‍යාපති බෝම්බයක් ඉතුරුයි සඳහා රංගනයෙන් දායක වෙති.

“බෝම්බයක් ඉතුරුයි” නිරෝෂ් කවිරත්නගේ නිෂ්පාදනයකි.

“හරි අපුරු දවසක්” රාජා මං වහලා” යන නාට්‍ය සඳහා රාජ්‍ය සම්මාන දිනා ගැනිමට චාමීක හත්ලහවත්ත සමත් විය.

20190104-chamika-1