මැතිවරණ සමයේ තරුණයකුට පහර දීමක් සම්බන්ධයෙන් සැකපිට හිටපු මන්ත්රී සරණ ගුණවර්ධන ලබන බදාදා වනතුරු රිමාන්ඩ් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (24) නියෝග කළා ය.
මැතිවරණ සමයේ තරුණයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියොජ්ය ඇමැති සරණ ගුණවර්ධනගෙන් ප්රකාශයක් ලබා ගත් බව පොලිසිය අද පෙරවරුවේ පැවසීය.
මැතිවරණයට ඉදිරිපත් වූ ඔහුගේ බිරිය චිනාරි ගුණවර්ධනගේ නම සහිත කොඩි කණු මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සිටුවනවාට විරුද්ධ වු තරුණයකුට ගම්පහ අධිකරණය ඉදිරිපිට දී පහර දී ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය.
පහර කෑ බව කියන තරුණයා දින දෙකක් ගම්පහ රෝහලේ ප්රතිකාර ලැබී ය.








