පසුගියදා ලෝ පුරා ප්‍රදර්ශනය ආරම්භ කළ ‘Aquaman’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේද එලැඹෙන දෙසැම්බර් 21 වැනිදා සිට ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
ඒ කොළම්බෝ සිටි සෙන්ටර් සහ කොල්ලුපිටිය ‘ස්කොප්’ සිනමා ශාලා වලදීයි.
‘වෝනර්ස් බ්‍රදර්ස්’ චිත්‍රපට සමාගම විසින් බෙදාහරින මෙම චිත්‍රපටය ආදායම් අතින් අති සාර්ථක විය හැකි චිත්‍රපටයක් බවද සිනමා විචාරකයන් පෙන්වා දෙයි.
සුපිරි හොලිවුඩ් නළු නිළියන් වන ජේසන් මෝමෝ, ඇම්බර් හාර්ඩ්, විලියම් ඩෙෆෝ, පැට්‍රික් විල්සන්, ඩොල්ෆ් ලන්ග්‍රන්, යාහා අබ්දුල් මෙහි රංගනයෙන් දායකත්වය ලබාදෙයි.
2018 වසරේ හොලිවුඩයේ තිරගත වන සුපර් හිරෝ චිත්‍රපටයක් ලෙස ‘Aquaman’ චිත්‍රපටය නම්කර ඇත.









