බොලිවුඩ් නළු රිතික් රෝෂන් හා ඔහුගේ බිරිද සූසැන් ඛාන් මීට වසර දෙකකට පෙර නිතීයෙන් වෙන්වුනත් ඉන්පසුවත් ඔවුන් දෙපළ නිතර නිතර මාධ්‍ය ඔස්සේ එකට සිටින අයුරු දක්නට ලැබුණි.
ඔවුන් දෙපළ කාලයක් බොලිවුඩයේ ආදරණීයම යුවළක් බවට පත්ව සිටියහ.
පසුගිය දිනක රිතික් සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා සූසෑන් හා ඔහු ඉතා සමීපව සිටින ඡායාරූපයක් නිකුත්කර තිබුණි.
නමුත් ඔහු මෙම ඡායාරූපයත් සමග සටහනක් මගින් සදහන්කර තිබුණේ මෙම ඡායාරූපයේ තමන් සමග සිටින්නේ තමාට හමුවූ හොඳම මිතුරිය බවයි.
රිතික් තමන්ගේ හිටපු බිරිදට එම දෙපළගේ දරුවන් වෙනුවෙන් සිය නිවසට පැමිණිමට ආරාධනා කර තිබෙන බවත් වාර්තා වෙයි.










