වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129 ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී සුමතිපාල නොහොත් ‘හිතුමතේ ජීවිතේ’ නැමති සිරකරුවා ජනාධිපතිතුමාගේ විශේෂ සමාව ලැබ නිදහස ලැබූවෙකි.
හිතුමතේ ජීවිතේ ලෙස නම පටබැදුණු සුමතිපාල මහතාගේ ජීවිත කතාව සිනමා පටයකට නිර්මාණය වී ඇත.
මෙම චිත්රපටය ළගදීම ප්රේක්ෂකයන් හට නැරඹීමට අවස්ථාව උදා වේ.
මොහුගේ නැගණිය පැහැරගෙන දූෂණය කොට මරාදැමූ පොලිස් පරීක්ෂකයෙකු ඇතුළු ඝාතකයින් සොයා ගිය හිතුමතේ ජීවිතේ ඔවුන් සියල්ලන්ම අවස්ථා ගණනාවකදී මරා දැමුවේය. එම අරමුණ ඉටුකර ගැනීම සදහා ඔහු කීප වතාවක්ම බන්ධනාගාරයෙන් මිදී පලා ගියේය. අරමුණ ජයගත් පසු සාමකාමීව සිරගෙදර ජීවිතය ගත කරනු ලැබුවේය.










