බොලිවුඩ් පුරවරයා හා හොලිවුඩය ද මේ වනවිට ජයගෙන ඇති සුපිරි තාරකාව වන ප්‍රියංකා චොප්රා ඇමරිකානු යොවුන් ගායකයෙකු වන නික් ජෝනාස් සමඟ අතිනත ගත්තේය.
අධික වියදමක් දරමින් සිදුකරනු ලැබූ මෙම විවාහ මංගල්‍යය හින්දු චාරිත්‍රානුකූලව ජෝද්පූර් හි උමයිද් භවන් මාළිගයේදි උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
ඇය 2000 වසරේ ලෝක රූ රැජින කිරුළ හිමිකර ගැනීමට ද සමත් විය.
36 හැවිරිදි ප්‍රියංකා චොප්රා සහ 26 හැවිරිදි නික් ජෝනාස්ගේ විවාහ මංගල උත්සවයට බොලිවුඩ් නළු නිළියන් මෙන්ම අම්බානිවරුන් ඇතුලු ප්‍රකට ව්‍යාපාරිකයන්ද සහභාගී වී ඇත.













