FAST NEWS

24×7 Around the Globe

40 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදානය හෙට(28) ජනපතිගේ ප්‍රධානත්වයෙන්….

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන 40 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදානය හෙට (28) පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
නෙළුම්පොකුණ රංග ශාලාවේ දී පස්වරු 5.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් මෙම සම්මාන ප්‍රදානය ආරම්භ වනු ඇත.
තරුණ තරුණියන්ගේ සෞන්දර්යාත්මක කුසලතාවයන් ජාතික මට්ටමට හඳුන්වාදෙමින් ඔවුන් ඇගයීම මෙහි අරමුණු වෙයි.
හෙට පැවැත්වෙන මෙම ජාතික යෞවන සම්මන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සෞන්දර්යාත්මක ඉසව් 110 ක් ආවරණය කරමින් තරුණ නිර්මාණකරුවන් 160 දෙනෙකු ඇගයීමට ද මෙහිදී නියමිතව ඇත.